Tuesday, May 22, 2012

මගේ මුල්ම Post එක.

මගේ නම නාමල්. මම ඔය කියන තරම් කාපරයෙක් නෙවෙයි ඉතින්. :P මට ඕනේ දන්න දේ කියලා දීලා නොදන්න දෙයක් දැනගන්න. සහයෝගය තමයි ඉතින්... :) කොහොමහරි ඉතින් දැනට තියෙන තාක්ෂණය ඔක්කොම දැනගෙන ඉවරයක් කරන්නත් බෑනේ.  :|

මං මේක වැඩකරු වගේ පටන් ගත්තට මං PHP ඉගෙන ගන්න පටන් අරන් මාස 7ක් විතර වෙන්නේ. ;)
ඉතින් තාම දන්නේ පොඩ්ඩයි. කොහොමහරි මං හිතන් ඉන්නේ අලුතෙන්ම PHP ඉගෙන ගන්න හිතන් ඉන්න අයට මුල ඉදන් ටික ටික post ටිකක් දාන්න. 

මොනා වුනත් elakiri එකේ Dhanuka Nilanjana සොහොයුරාට ස්තූති වෙන්න ඕනේ මාව දිරිමත් කරාට.

මං ගැන කිවොත් ඉතින් මං බදුල්ලේ ගමක කොල්ලෙක්. A/L Bio වලින් කරලා කොළඹ විශ්ව විද්‍යාලයට විද්‍යා පීඨයට ආවා. ඒකේ කරේ molecular biology කෝස් එක. degree එක ඉවර වුනා මගේ bio field එකට තිබ්බ සම්බන්දෙත් එහෙම්ම ඉවරයි. campus ගිය එකෙන් මං ලබා ගත්තේ හොද කෙල්ලක් හොයා ගත්ත එක තමයි.

කොහොමහරි bio degree එකට ඕන මංගල්‍යක් විද්දෙන් කියලා මං බැස්සා IT field එකට. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි ආසාව නිසා. අදට මං සතුටු වෙනවා මං ඉන්න තත්වෙ ගැන කවුරු මොනා කිවත්. ගොඩක් අය උදව් කරා මට උඩට එන්න. දැනට නම් තියෙන්නෙ දැනුම විතරයි. ඒ දදේ තමයි මේ බෙදා ගන්න යන්නේ.

හරි දැන් ඇති වගේ පස්සේ තව කතා කරමු. ඊලග post එකේ ඉදන් වැඩේ පටන් ගමු.



2 comments:

Dilan said...

Ela kollek aa wade digatama karagena yanna machan

Anonymous said...

Just saw your blog post.. very good start.
-- Dela